රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොණු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට එකතුකිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අමාත්‍යංශයේ වැඩ කටයුතු වඩාත් කාර්යක්‍ෂම කරගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල දියත් කර ඇත.
පෞද්ගලික ලිපිගොනු වල පවතින අඩුපාඩු හේතුවෙන් අමාත්‍යංශයේ වැඩකටයුතු ප්‍රමාද වන බවත් ඒ සඳහා විසදුමක් ලෙසද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය
මෙම ලිපිගොනු හානියක් නොවන අයුරින් තබා ගැනීමට මෙන්ම ඒ සඳහා යන ඉඩ ප්‍රමාණය සහ ලිපි ද්‍රව්‍ය අඩු කිරීමට මෙම ක්‍රමය මගින් හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.