නවතම පුවත්

පාර්ලිමේන්තුව හෙට විසිරවෙයි!- මහ ඡන්දේ ගැසට්ටුවත් අත ළඟ

අසංක

අසංක

පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිතව ඇති අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇත.

එතැන් සිට මැතිවරණයට අදාළ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන අතර ඒ අනුව . හෙට දින සිට දින 10 ක් තුළ මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවිමට කොමිසම කටයුතු කරනු ඇත,

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනෙන්නේ එතැන් සිට දින 17 ක් ඇතුළතය.

එසේම ඇප මුදල් තැනපත් කිරීම හා ජන්ද ප්‍රචාරක කටයුතු අත්සිටුවීමට අදාළ ගැසට් පත්‍රිකාවන්ද කොමිසම විසින් නිකුත් කරනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතු වන අතර දැනට . මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 24 වනදාත් මැයි මස 04 වනදාත් අතර දිනක පැවැත්වීමටයි යෝජනා වී ඇත

එම කාලසීමාවේදී මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකය, බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවටද අනුමාන කෙරේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්