නවතම පුවත්

පොලාඩ්ගෙ 20විස්ස 500 ජය කොදෙව්වන්ට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයක්දී පරාජය කරමින් මහනුවර පල්ලෙකැලේ අද (04) පැවැති විස්සයි20 තරගයෙන් ජය ලැබීමට බටහිර ඉන්දයීය කොදෙව් දූපත් කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4 දැවී ලකුණු 196 ක් ලබා ගත්හ.

පන්දු 14 කදී ලකුණු 35 ක් ලබාගනිමින් ඇදහිය නොහැකි ප්‍රහාරයක යෙදුණු ඔන්ඩ්‍රි රසල් (35) සහ ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් (නොදැවී 67) ලබාගත්හ.

රසල් දැවී ගිය පසුව පැමිණි කිරන් පොලාර්ඩ් තමන්ගේ 500 වැනි විස්සයි-20 තරගය පන්දු 15 කින් ලකුණු 34 ලබා ගනිමින් සැමරුවේය.

ඒ සමගම සියලුම ආකාරයේ විස්සයි-20 තරග වලදී කිරන් පොලාර්ඩ් ලකුණු 10,000 සීමාව පසුකර ගියේ ඉසුරු උදාන හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 171 (19.1) සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. මුල පෙළ අසාර්ථක වු ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ගෙනඒමට කුසල් ජනිත් පෙරේරා (66) සහ වනිදු හසරංග (44) සමත්වුවද ඔවුන්ගේ දැවීයාමෙන් පසු නැවත හිස එසවීමට කොදෙව්වන් ඉඩ ලබා දුන්නේ නැත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි