නවතම පුවත්

හිටපු රවී කරුණානායක ඇතුළු 10 අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

2016 මාර්තු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදු කළ අපරාධමය වැරදිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට අදාළව ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණ වී ඇති බැවින් ඔවුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව පසුගිය 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිටියේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි