නව කොරෝනා වෛරස රෝගය ආසාදිතව දැනට අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කර සිටී
රෝගීන් දෙදෙනා සෙසු රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් දෙදෙනාම දැනට වෛද්‍යවරුන් ලබාදෙන ප්‍රතිකාර සඳහා යහපත් ප්‍රතිචාර දක්වන බවත් වාර්තාවේ.
කොරෝනා වයිසරසය වැළඳී ඇති බවට තහවුරු වූ සංචාරක මග පෙන්වන්නෙකු ඉකුත් 11 වැනි දින අයි.ඩී.එච් රෝහලේදී හමු වූ අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකුට වයිරසය වැළඳී ඇති බව ඊයේ(12) තහවුරු විය.