නවතම පුවත්

ලක්මවට කොරොවන්නට කොරෝනාට ඉඩ නොදෙමු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයේ ඇදහිය නොහැකි ව්‍යාප්තියත් සමග ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන් පවා, මෙම වසංගතය පාලනය කරන්නේ කෙසේ දැයි හරි හැටි අදහසක් නොමැතිව අසරණව සිටියි. නව කොරෝනා වෛරසය යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අතිශය භයානක වසන්ගතයකි. එකී වෛරස ව්‍යාප්තියේ ඇදහිය නොහැකි වේගය එහි ඇති භයංකරත්වය තව තවත් ඉහළ නංවයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් මෙය ගෝලීය වසංගතයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක අමෙරිකාව ඇතුලු බලවත් රාජ්‍යයන් බොහොමයක් සිය දේශ සීමා පිටස්තරයන් වෙත වසා දමමින් මෙම වෛරසය පාලනයට ගත හැකි උපරිම උත්සහයක නිරත වෙමින් සිටියි.

මෙවන් පසුබිමක් යටතේ ඉතාලියෙන්, දකුණු කොරියාවෙන්, හා ඉරානය වැනි කොරෝනා වෛරසය ඉතාමත් භායානක අයුරින් පැතිරී තිබෙන රාජ්‍යයන්ගෙන් පැමිණෙන ලාංකික විදේශීය ශ්‍රමිකයා නිරෝධායනයට යොමු කිරීමට ලංකා රජය දැරූ උත්සහයේදී ඇතිවූ කාලගෝට්ටි කිහිපයක් වෙත සිව්කොණ අවධානය යොමු විය. ඇතැමුන් තමුන්ව නිරෝධායනය වෙත යැවීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කළ අතර ඇතැම්හු ගුවන්තොටේදීම ඒ සදහා සිය විරොධය පල කළහ. තවත් ඇතැම්හු තමුන්ව යොමු කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ සැප පහසුකම්, අඩුලුහුඩු කම් පිළිබදව මාධ්‍යවෙත අප්‍රසාදාත්මක මුඛයෙන් අදහස් දැක්වූහ. කොටින්ම සමස්ත ලෝකයක් ගිළෙමින් තිබෙන ආපදාවක් අභිමුව මෙම පිරිස් නිරෝධායනය නම් සංකල්පය දුටුවේ තමන්වෙත රජයෙන් සිදුකරන ලද නොහොඹිනා අකටයුත්තක් ලෙසය.

මෙම ආපදා අවස්ථාවට රාජ්‍යයක් වශයෙන් මුහුණ දීමට නම් රාජ්‍යයවෙත පරිබාහිරින් පැමිණෙන පිරිස් එක්  ස්ථානයකට රැස්කොට ඔවුන්ගේ සෞඛ්‍යය පරික්ෂාකොට බලා රට තුලට ඇතුලත් කරගත හැකි නම් පමණක් ඔවුනට රටට ඇතුළු වීමට අවසර ලබාදීම ඔස්ට්‍රේලියාව ඇතුලු සෙසු දියුණු රාජ්‍යයගේ සම්මත ක්‍රමවේදය වේ. ලංකාව වැනි අඩු දියුණු රාජ්‍යක් වුවද ඔවුනට හැකි පරිද්දේන් අනුගමනය කරන ලද්දේද ජාත්‍යන්තර සෞඛ්‍යය ක්‍රියා පටිපාටින් මිස ඔවුනට අනන්‍ය දේශීය ක්‍රමවේද නොවන බැවු ජන මාධ්‍ය මගින් නිරාවරණය වූ රූපරාමු මගින් ක්ෂණයෙන් පැහැදිලි විය.

එසේ නම් ඇති වූ නොසන්සුන්තාවට හේතුව කුමක් විය හැකිද. සාමාන්‍ය ජනයාගේ මෙවන් ආපදා අවස්ථාවට මුහුණදීම පිළිබදව බලවත් නොදැනුවත් භාවය ඊට ප්‍රබල හේතුවක් විය හැකිය. එසේම ඇතැම් පටු දේශපාලකයින් සිය මැතිවරණය මූලික කොට ගනිමින් මෙම සිදුවීම් තුල බොරදියේ මාළු බෑමට දරන උත්සහත් හේතුවක් විය හැකිය. අනෙත් බලවත්ම හේතුව වන්නේ අප අභිමානවත් ලාංකිකයන් හට මෙවන් ගෝලීය ආපදාවක් හමුවේ වුව දේශපාලනිකව නොබෙදී සිටීමේ ඇති බලවත් නොහැකියාවයි.

මේ සියල්ලක් අතරේ ඉතාලියේ වෙසෙන බහ තෝරන වයසේ පසුවන ලාංකීය දරුවෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය විය. දරුවා මෙසේ පවසයි:

මේ විදිහට කොරෝනා බෝවෙන්නේ අපේ මීනිස්සු හරි පණ්ඩිතයි

මාස්ක් එකක් දන්නේ නැහැ

ඒ ගොල්ලො කියන දෙයක් අහන්නේ නැහැ යනුවෙනි.

මෙම දරුවා පවසන්නේ සත්‍ය විය හැකිය, නමුත් එය ඔප්පු කර පෙන්වීමට තරම් මේ මොහොතේ විදේශයන් සිට පැමිණෙන ලාංකිකයන් අණුවන නොවිය යුතුය.

ඔබ විදේශ ශ්‍රමිකයෙක් වශයෙන් ලාංකීය භාණ්ඩාගාරයට විදේශ විනිමය ගෙන එන බව සත්‍යයකි, ඒසේම ඔබ අනතුරට පත් සෑම මොහොතකදීම ලක් මාතාව ඔබ පිළිගන්නට සැදී පැහැදී සිටින බවද සත්‍යකි. නමුත් ඔබගේ නොදැනුවත් කමින් රට තුලට ඔබ සමග වසංගත වාහකයෙකුනම් පැමිණීම අනවශ්‍යය. මක් නිසාද යත් ඔබ පැමිණෙන දියුණු රාජ්‍යයන් මෙන් ඊට මුහුණදීමට තරම් ලක් මව ශක්තිමත් නොවන නිසාය. ඉතාලියේ, දකුණු කොරියාවේ මෙන් කොරෝනා වෛරසය පුළුල්ව ලක්දිව වසා ගතහොත් ඔබව රකින්නට ලක්මාතාවක් තව දුරටත් ඉතිරි නොවනු ඇත. එබැවින් මුළින් ඔබ රැකී, දේශපාලනිකව නොබේදී මවු රටද රැක ගන්න.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සෙකා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්