බන්ධනාගාරගතව සිටින ඇප ලබාදිය හැකි රැඳවියන් ඇප පිට තාවකාලික ලෙස හෝ නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත.
කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.
ඇප නියම වුවත් එම මුදල් ගෙවීමට නොහැකි රැඳවියන් සිටීම හේතුවෙන් බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතී.
ආරම්භයක් ලෙස ඇප නියමව සිටින රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.