හෙට (16) දින රජයේ නිවාඩු දිනයක් ලෙසට පත් කළ ද සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හෙට දින පවත්වාගෙන යන ලෙසට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි
ඒ අනුව 16 වන දි රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් වුවද,මේ දිනවල පවතින COVID -19 වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සේවයට අයත් සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසට පවත්වාගෙන යාමට අවශ්‍ය වී ඇත. ඒ හෙයින් මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව හෙට දිනය (16) සෞඛ්‍ය සේවාවන් සඳහා නිවාඩු දිනයක් නොවන බව දන්වා සිටියි. එමෙන් ම හෙට දිනය (16) සෞඛ්‍ය සේවාව සඳහා නිවඩු දිනයක් නොවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි