නවතම පුවත්

මාස්ක් අරපරෙස්සමෙන් භාවිත කරන්න-හැකිතාක් ගෙදරම ඉන්න

අසංක

අසංක

මේ දිනවල අනවශ්‍ය ලෙස, මුව ආවරණ (mask) භාවිතා කිරීම තුලින් සිදුවන්නේ එය පැළඳීම අත්‍යාවශ්‍ය වූ අවස්තාවකදී භාවිතා කිරීමට මුව ආවරණ හිඟයක් ඇතිවීම වන බව ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී .

මේ වන විට මුළු ලෝකයේම මුව ආවරණ හිඟයක් පවතින බවත් ඒ පිලිබඳ සිතා බලා කටයුතු කිරීමට මෙරට පුරවැසියන්ද අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ
ලේකම් විශේෂඥ වෛද්‍ය මනුජා පෙරේරා අප වෙබ් අඩවිය වෙත සඳහන් කළාය .

කොරෝනා වෛරස රෝගය මෙරට තුල ප්‍රජා සම්ප්‍රේෂණ තත්වයක් දක්වා බරපතල වුවහොත් පමණක් සියලු දෙනා මුව ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය වනු ඇති නමුත් , එතෙක් මෙරට සාමාන්‍ය පොදු ජනතාව එවැනි මුව ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය කරුණක් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටී

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරිය මෙසේද පැවසීය

‘පොදු මහජනතාව “මේ අවස්ථාවේ” #mask හෝ මුව ආවරණ පැළඳිය යුතු නොවේ පණිවිඩයෙ ප්‍රධානතම වදන වන්නේ “මේ අවස්ථාවේ” යන්නයි. “මේ අවස්ථාවේ” ඔබ නිවසටමවී සිටින බැවින් කොහොමත් ඔබට ඒවා අවශ්‍ය වන්නේ නැත .

*කළ හැකි හොඳම දේ නිවෙස්වලටමවී සිටීමය. අත් සේදීමය. ඔබගේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකීමය. මිනිසුන් ගැවසෙන ස්ථාන මගහැර සිටීමය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා