සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති පරිදි ලබන අප්‍රේල් 04-11 අතර මෙම කොරෝනා වසංගතය ශ්‍රි ලංකාව තුළ උපරිමයෙන් ළගා විය හැකි නිසා සැලකිල්ලෙන් කටයුතු කිරීම උදෙසා රජයට යෝජනා 9ක් ඉදිරිපත් කරන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි රජයේ සහා පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සැලැස්මක් සකස්කොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ ක්‍රියාවට නැංවීම තුළින් පුළුල් සෞඛ්‍ය සේවාවක් ලැබෙන බව හෙතම පළමු යෝජනාවෙන් පෙන්වා දී තිබේ.
පෞද්ගලික අංශයේ රෝහල්වෙතින් නොමිලයේ පරීක්ෂණ සේවා ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසා එම වියදම් රජයෙන් දැරීම, මේ පිළිබද පොදු වැඩපිළිවෙලක් සැකසීමට අවශ්‍ය සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීම, පරීක්ෂණ සදහා ප්‍රමතිගත උපකරණ ගෙන්වීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ දිරිපත් කිරීම ඇතුළු යෝජනා 9ක් මෙසේ ඉදිරිපත් කර ඇත.
ඉන්දියාව හා ලංකාවේ ධීවර ප්‍රජාව මහ මුහුදේ ධීවර කටයූතුවලදී සමීපයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ මාර්ගයක් සොයන්නැයිද එහි එක් යෝජනාවකි.
අදාල නිවේදනයේ මෙසේද සදහන්ය.