නවතම පුවත්

දිනක් තුළ වැඩිම කොරෝනා මරණ ගණන ඉතාලියෙන්

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛසරය හේතුවෙන් එක් දිනකදී එක් රටක් තුළ සිදු වූ වැඩිම මරණ ප්‍රමාණය ඉතාලියෙන් වාර්තා වී ඇත.

. එරට තුළ ඊයේ දිනය තුල මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 919 ක් වන අතර . මීට පෙර වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වූයේද ඉතාලියෙනි. ඒ පසුගිය 21 වැනිදා මියගිය 793 ක ප්‍රමාණයයි.

පසුගිය දින කිහිපය තුළ ඉතාලියේ දෛනිකව සිදුවන මරණ ප්‍රමාණය පහළ යමින් තිබූ නමුත්, අද දිනයේදී ඒ සියල්ල ඉක්මවා යන ප්‍රමාණයක් මියගොස් ඇත.

අද දිනයේදී ඉතාලියෙන් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 5909 ක් ද හමු වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 86,498 ක් වේ.

මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ ප්‍රමාණය 9134 කි. එය ලොවපුරා මියගිය සමස්ත ප්‍රමාණයෙන් තුනෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

මේ වනවිට ජගත් සංඛ්‍යා ලේඛනවලට අනුව වාර්තාවන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 572,464 ක් වන අතර 26,348 ක් මියගොස් තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා