නවතම පුවත්

ලෝ වැසියන් මුදාගනු පිණිස පාප්වහන්සේ මහ වැසි මැද හුදෙකලා දේවමෙහෙයක

අසංක

අසංක

කොරෝනා වසංගතය යනු , සහයෝගීතාව හා සහෝදරත්වය පිලිබඳ කෙරෙන පරීක්ෂණයක් ලෙසින් සිතා කටයුතු කරන ලෙස ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ අද දින සුවිශේෂී හුදෙකලා දේව මෙහෙයක යෙදෙමින් තිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයේදී අවධාරණය කර සිටියහ.


ලෝ වැසියන්ට තම මූලික වටිනාකම් යනු කුමක්ද යන්න ගැනත් අවබෝධ කරගැනීමට මෙය ඉතා සුදුසු අවස්තාවක් වන බවද මෙම දේවමෙහෙය අවසානයේ පාප්වහන්සේ සඳහන් කර සිටියහ.


මේ වනවිට ජන ශූන්‍ය කලාපයක් බවට පත්ව ඇති සාන්ත පීතර චතුරස‍්‍රයට ඇදහැලුන් මහා වර්ෂාව ද මධ්‍යයයේ තනිවම යාඥාවේ නිරතවූ පාප්වහන්සේ මෙම වසංගතයෙන් මිදීමට ලෝ වැසියන්ට හැකි ඉක්මනින් අවස්ථාව උදාවේවා යයි ප්‍රර්ථනා කළහ .

මේ අර්බුදයෙන් මිදීමට සියලු දෙනා එක්ව සහෝදරත්වයෙන් හා සාමුහිකත්වයෙන් නැගී සිටිය යුතු බවද පාප්වහන්සේ මෙහිදී සඳහන් කළහ .

මෙම වසංගතය , සියලුම දෙනා කිසිදු භේදයකින් තොරව එකම ” බෝට්ටුවකට ” ඇද දමා ඇති බවත් , මේ ගැන ගැඹුරින් සිතා , අනෙකා වෙනුවෙන් කැපවෙමින් කටයුතු කල යුතු බවද උන්වහන්සේ පැවසූහ .

සාමාන්‍යයෙන් දස දහස් ගණනක ජනකායක් රැස්වන සාන්ත පීතර චතුරස‍්‍ර දේව මෙහෙය , අද දින සම්පූර්ණයෙන්ම හිස්ව පවතී අතර , හිස් අවකාශය වෙත අමතමින් යාඥාව නොනවත්වා තනිවම සිදුකල
පාප්වහන්සේ , විශේෂ දේව මෙහෙයන් සඳහා පමණක් භාවිතා කෙරෙන දැවමය කුරුසියද මෙම අවස්ථාවට එක්කරගත්හ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා