නවතම පුවත්

කොරෝනා වැළදුණු රතු කුමරිය මියයයි

අසංක

අසංක

සටහන – කසුන් නදීර

ස්පාඤ්ඤ රාජකීය පවුලේ සාමාජිකාවක් වන 86 හැවිරිදි මරියා තෙරේසා රජ කුමරිය ‌‌නව කොරෝනා COVID-19 වෛරසය ආසාදනය වීම නිසා මිය ගොස් ඇත.

ඇය ස්පාඤ්ඤයේ රාජකීය හමුදාවේ කැඩෙට් සේනානායකය අයත් Bourbon Parma නම් රාජකීය පවුලට අයත් කුමරියකි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ලොව මුල්ම රාජකීය සාමාජිකාව ඇයයි.

ඇයගේ සොයුරු එන්රික් බෝබන් කුමරු විසින් ඇගේ මියයාම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් මේ පුවත ලොවට සැළ කර තිබේ.

ඇය ඉතා සෘජු අදහස් දරන ලද තැනැත්තියක නිසා ස්පාඤ්ඤ ජනතාව ඇයව හඳුන්වා තිබුණේ Red Princess හෙවත් රතු කුමරිය නමිනි.

ස්පාඤ්ඤය මේ වන විට ඉතාලියට පසුව ලොව වඩාත්ම දරුණු ලෙස COVID 19 වෛරසයට ගොදුරු වූ රට බවට පත්ව ති‌‌‌බේ. එහි මේ වන විට මිය ගිය පිරිස 5982ක් වන අතර ඉකුත් පැය 24දී වාර්තා වූ මරණ ප්‍රමාණය 844කි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා