ලොවම COVID-19 වසංගත භීතියෙන් සලිත වී සිටියදී උතුරු කොරියාව මේ මාසය තුළ 8 වැනි සහ 9 වැනි මිසයිල අත්හදාබැලීමද සිදුකර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෙම සැකකටයුතු අත්හදාබැලීම් කෙටි දුර බැලස්ටික් මිසයිල (“short-range projectiles” ) බවට සැලකේ. එ්වා කිලෝමීටර 30 ක් පමණ ඉහළ අහසේ කිලෝමිටර 230 ක් පමණ දුරට පතිත වූ බව පවසන්නේ දකුණු කොරියාවයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින්, ‘‘උතුරු කොරියාව විසින් සිදුකරන මේ බැලස්ටික් මිසයිල අත්හදාබැලීම් ජපානය ඇතුළ සමස්ත අන්තර්ජාතික ප්‍රජාවටම බරපතළ ගැටළුවකි‘ යැයි ප්‍රකාශ කරයි.
මෙම අත්හදාබැලීම් සිදුකර ඇත්තේ අද දිනයේ බව ද තවදුරටත් සඳහන් වේ.