අවදානම් නොවන දිස්ත්‍රික්කවල යළි ඇදිරි නීතිය ඉවත් කෙරෙන දිනය නිවේදනය කෙරේ
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.
සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් මස 01 වෙනිදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.