නව කොරෝනා වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙය මෙරටින් වාර්තා වු දෙවන කොරෝනා මරණයයි.
ඒ මීගමුව රෝහලට ඇතුළත් කර සිටි අයෙකි.
මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ මොහු වහාම මීගමුව රෝහලට මාරු කල පසුව මියගොස් ඇත.
රෝහල්ගත කොට සිදුකළ පරීක්ෂාවේදී මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි