නවතම පුවත්

ජපානය කොරෝනා රෝගීන්ට ‘අවිගන්’ අත්හදාබැලීම අරඹයි

අසංක

අසංක

ජපානයේ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා වයිරස් රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කළ හැකි අවිගන් ඖෂධයේ සායනික අත්හදා බැලීම් ආරම්භ කර තිබේ.

ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම පවසන්නේ කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින් 100 ක් පමණ අවිගන් නම් ප්‍රතිවෛරස් ඖෂධය පරීක්ෂා කරන බවයි.

මෙම අත්හදාබැලීම ජුනි මස අවසානය දක්වා පවතිනු ඇත.

සමාගම මීට වසර හයකට පෙර අවිගන් ඖෂධය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිවෛරස් ඖෂධයක් ලෙස වැඩිදියුණු කර තිබුණි.

එය බරපතල අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව පවතින බැවින් භාවිත කළ හැක්කේ රජයේ අවසරය ඇතිව පමණි.

අත්හදාබැලීම හා ආරක්ෂිත බව ඔප්පු වුවහොත් කොරෝනා වයිරසයට ප්‍රතිකාර කිරීමේදී අවිගන් ඖෂධය භාවිතා කිරීමට අනුමැතිය ලබා ගැනීමට විශේෂඥයෝ සැලසුම් කරති.

චීනයේ පර්යේෂකයන් පවසන්නේ සායනික අත්හදා බැලීම්වලදී අවිගන් ලබාදුන් කොරෝනා වයිරස් රෝගීන්ගේ පෙනහළුවල සාධනීය තත්ත්වයක් සොයාගෙන ඇති බව එන් එච් කේ වර්ල්ඩ් ජපෑන් වාර්තා කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා