කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පිලිපීන රජය පනවා ඇති නීතී උල්ලංඝනය කල පුද්ගලයෙකු එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙසේ පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ එරට නාසිපිත් ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.
කොරෝනා පාලන නීති කඩකරමින් නගරය තුල හැසිරෙමින් සිටියදී පොලිසිය විසින් ඔහුව වලක්වා ඇති බවත් එහිදී ඔහු පොලිසියට හා අවට සිටි සෙසු නිලධාරීන්ටද බැන වදිමින් , තර්ජනය කරමින් හැසිරී ඇති බවත් වාර්තාවේ.
එම අවස්ථාවේ ඔහු දැඩි ලෙස බීමත්ව සිට ඇති බවටද තොරතුරු වාර්තා වන අතර තවදුරටත්ඔහුව පාලනය කිරීමට අපහසු මට්ටමකට පැමිණීම හේතුවෙන් පොලිසිය මෙසේ වෙඩි තබා ඇති බවත් පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත
කොරෝනා පාලන නීතිවලට යටත් නොවන පුද්ගලයින්ට වෙඩි තබන ලෙස පිලිපීන ජනපතිවරයා මීට පෙර හමුදාවට සහ පොලිසියට නියෝග කර තිබිණ