දම්පත් රණසිංහ
දහතුන් හැවරදි ආබාධිත දැරිවියක් අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් සෙවනගල පොලිස් ස්ථානයට අද (08) පැමිණ භාර වී ඇත.
මෙම දැරිවියව මන්ත්‍රීවරයා ඇතුළු 06 දෙනෙක් විසින් කාලයක් තිස්සේ විටෙන් විට අපයෝජනයට ලක්කර ඇතැයි සෙවනගල පොලීසිය සදහන් කරයි. ඒ අතර ඇගේ බාප්පාද සිටියි.
මේ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා සැකපිට බාප්පා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතත් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට හැතියාවක් ලැබී නැත.
ගම්වැසියන් චෝදනාකර ඇත්තේ දේශපාලන බලපෑම් මත පොලීසිය ඔහුව අත්අඩංගුවට නොගන්නා බවය.
මේ සම්බන්ධයෙන් ජනතා විරෝධතාවක් එල්ලවන විට සැකකාර මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පොලීසියට පැමිණ භාර වී තිබේ.
අපයෝජනයට ලක්වූ දැරිවිය මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් ඇය ස්නායු ආබාධයකින් පෙලෙන තැනැත්තියක් බවත් පොලීසිය සදහන් කරයි.