කොරෝනා මඬින්න ජාතික වැඩපිළිවෙළක් ඇරඹූ ලොව ප්‍රමුඛ රටවල් 2 අතරට ශ්‍රී ලංකාවත්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහන් ආරම්භ කල ලොව මුල්ම රටවල් දෙක වන්නේ චීනය හා ශ්‍රී ලංකාව වන බව ජාත්‍යන්තර බී බී සී පුවත් ආයතනය හා ඔක්ස්ෆර්ඩ් සරසවිය එක්ව කල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් චීනයද මෙම වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තම පළමු කොරෝනා අසාධිතයා හමුවීමෙන් පසුව වන නමුත් ශ්‍රී ලංකාව ඊටත් පෙරම එම වැඩසටහන් ආරම්භ කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව චීනයටද ඉදිරියෙන් ඇති බවත් අදාල සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මෙම සමීක්ෂණය ආසියානු රටවල් , යුරෝපානු රටවල් හා අප්‍රිකානු රටවල් සඳහා වෙන් වෙන් වශයෙන් සිදුකර ඇති නමුත් එම සමීක්ෂණ වාර්තා අනුව චීනය හැර ඒ කිසිදු කලාපයක වෙනත් කිසි දු රටක ශ්‍රී ලංකාවට පෙර මෙවැනි කොරෝනා පාලන වැඩසටහන් ආරම්භ කර නැත.