කොරෝනාවෙන් බේරගන්න බලු- පූස් සුරතල්ලු ගෙදරම තියාගන්න

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සුරතල් සුනඛයන්, බළලුන් ඇතුළු සුරතල් සතුන් මේ දිනවල තම නිවෙස්වලම තබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් දී ඇත.

ඔවුන් කල පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මෙවැනි සුරතල් සතුන්ටද කොරෝනා වෛරසය අසාධනය විය හැකි බවකි.

සතුන් තුළ ‍වයිරසය තිබේදැයි සොයා ගැනීමට කරන ලද පර්යේෂණ අනුව සුරතල් සතුන් තම ලෝම තුළ මේ වයිරසය තැන තැන රැගෙන ගොස් තවත් පුද්ගලයන්ට බෝ කිරීමේ ප්‍රවණතාවක් ඇති බව තහවුරු වී තිබේ.

මෙම අවධානනම වළක්වාගැනීම සඳහා සුරතල් සතුන්ගේ හිමිකරුවන් විසින් ඉතා ප්‍රවේශම් සහගතව නිවසේම තබාගනිමින් ආරක්ෂා කර ගත යුතු බවද බ්‍රිතාන්‍ය විශේෂඥයින් සඳහන් කර ඇත

මෙම විශේෂඥයින් විසින් මේ සම්බන්ධයෙන් කරන ලද තවත්ප රීක්ෂණයෙන් තවුරු වී ඇත්තේ බළලුන් මගින් වයිරසය තවත් බළලුන්ට සම්ප්‍රේෂණය කරන බවයි.