නවතම පුවත්

නි‌රෝධායනය මගහැරි 28ක් නාවික හමුදාවෙන් අල්ලයි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ‌ගෙන ඇත.

‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් ඊ‌යේ (09) ‌මෙසේ නාවික භාරයට ‌ගෙන ඇත.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව ඔහු හට කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කල පරීක්‍ෂණ වලදී ඔහු වෛරසය ආසාධිතයෙකු බවට තහවුරු කරගෙන ඇත. පසුව ඔහු සෘජුවම සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයින් 28 දෙනෙකු හට ජාඇල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය මගින් ඔවුන්ගේ වාසස්ථාන තුලම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන ලදි. නමුත් මෙම පිරිස ස්වයං නිරෝධායන නීති රීති කඩ කරමින් ප්‍රදේශයේ සැරි සරන බවට තොරතුරු ලැබී තිබුනි.

ආරක්‍ෂක අංශ මග හරිමින් සිටි මෙම පිරිස සොයා බටහිර නාවික විධානය මගින් විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් කර මෙම පුද්ගලයින් 28 දෙනා නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. මේ වන විට මෙම පුද්ගලයින් ජා ඇල ආවේ මරියා දේවස්ථානයේ නාවික හමුදා භාරයේ තබා ඇති අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත ඔලුවිල් ප්‍රදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝදායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිතය.

මේ සඳහා ජා ඇල මරදමඩු දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා, ජා ඇල පොලීසිය, සහ ජා ඇල දිසා වෛද්‍ය අංශයේ නිලධාරීන් සිය සහාය දුන් බව නාවික හමුදාව සදහන් කරයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි