නවතම පුවත්

කොරෝනා ප්‍රබේද 3ක් ලොව පුරා පැතිරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 හෙවත් නව කෝ රෝනා වයිරසයේ ප්‍රභේද 3 ක් මේ වනවිට ලොව පුරා පැතිරයමින් ඇති බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත.

මෙම කොවිඩ් – 19 වයිරස ප්‍රභේදයන් එකිනෙකට සුළු වෙනස්කම් සහිත බවද පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

මෙහිදී සොයා ගැනුණු එක් ප්‍රභේදයක් (A ) නමින් නම් කර ඇති අතර එය වැඩිවශයෙන් ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශවල පැතිරගොස් ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය වේ .

ඇමෙරිකාවේ ආසාදිතයන් අතරින් තුනෙන් දෙකක කොටසක් ආසාදනය වී ඇත්තේ කොවිඩ් – 19 වයිරසයේ A ප්‍රභේදය හේතුවෙනි.

එය චීනයේ සුලභ ප්‍රභේදයක් වී නොමැති අතර . චීනයේ පැතිර ප්‍රධාන වශයෙන් පැතිරගොස් ඇත්තේ (බී) නමැති ප්‍රභේදයයි. එය දෙසැම්බර් මාසයේ අවසානය දක්වා චීනයේ සංසරණය වී තිබේ.

එසේම බ්‍රිතාන්‍යයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ (බී) ප්‍රභේදය වන අතර ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල ද වැඩිපුර දක්නට ලැබෙන්නේ (බී) ප්‍රභේදයෙන් ආසාදනය වූවන් ය.

මෙහිදී (සී ) ලෙසින් නම්කරන ලද කොරෝනා ප්‍රභේදය වැඩි වශයෙන් යුරෝපය අශ්‍රිතව පැතිරගොස් ඇත

ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් – 19 (සී) ප්‍රභේදය යුරෝපයේ වඩාත් සුලභ බවයි. නමුත් දත්ත අනුව (සී) ප්‍රභේදයට වඩා වේගයෙන් (බී) ප්‍රභේදය ව්‍යාප්තවන බව පෙනීයන අබ්වද ඔවුන් පෙන්වා දේ

කේම්බ්‍රිජ් පර්යේෂකයින් මෙහිදී අවධාරණය කර ඇත්තේ කොවිඩ් – 19 වයිරසය ද නිරන්තරවම වෙනස් වෙමින් පවතින බවයි. විවිධ රටවල ඒ ඒ ජන කොටස්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති ප්‍රතිරෝධයන් මඟහරවාලීමට වයිරසය එලෙස වෙනස්වන බව ඔවුහු කියති.

කෙසේ වෙතත් මෙම අදහස් තහවුරු කිරීම සඳහා තවදුරටත් රෝගීන් පරික්ෂා කරමින් දත්ත එක්රැස් කරගත යුතු බවද ඔවුන් පවසති

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි