නවතම පුවත්

කොංගෝවේ යළි ඉබෝලා මතුවෙයි

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නැඟෙනහිර කොංගෝවේ ඉබෝලා වෛරසය පිළිබඳ නව සිද්ධියක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම නව ඉබෝලා සිද්ධිය වාර්තා වී ඇත්තේ කොංගෝව ඉබෝලා වෛරසය පැතිරීම අවසන් රටක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට දින 3කට පෙරදී ය.

ඉතිහාසයේ දෙවන මාරාන්තික ඉබෝලා වසංගතයෙර් කේන්ද්‍රස්ථානය වූ බෙනී ප්‍රදේශයෙන් නව සිද්ධිය වාර්තා වී ඇත.

ඉබෝලා සිද්ධියක් නොමැතිව දින 42 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොංගෝව පිළිබඳ ප්‍රකාශය සඳුදා සිදුකිරීමට සැලසුම් කර තිබූ බවයි.

මෑත දිනවල සුභවාදී හැඟීම් සමඟ සිටි කොංගෝ ප්‍රජාව වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය දුන පණිවුඩය වූයේ “අපි තවත් අවස්ථා සඳහා සූදානම් වෙමින් සිටිමු.” යන්නයි.

ඉබෝලා වසංගතයෙන් 2014-2016 බටහිර අප්‍රිකාවේ ජීවිත 2,260 කට වැඩි සංඛ්‍යාවක් බිලිගත්තේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා