කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය අධි අවදානම් කලාප ලෙස නම්කළ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කෙරේ.
එම ප්‍රදේශවලට හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය යළි දැනුම් දෙනතෙක් බලපැවැත්වේ.
ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීමේදී සෞඛ්‍ය උපදෙස් පිළීපදින ලෙස රජය ජනතාවට අවධාරණය කරයි.
නිවසින් පිටත ගමන් කිරිමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.