ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (LAUGFS Maritime Services) (පුද්) සමාගමට අයත් ‘ගෑස් කරෙජ්’ (“Gas Courage”) නැමැති, ශ්‍රී ලාංකික ගෑස් නෞකාව, මෙට්‍රික් ටොන් 1800ක L.P.G ගෑස් ගොඩ බෑම සඳහා, පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලා තිබේ.
මෙහි සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ලියාපදිංචි කළ පළමු නැව ‘ගෑස් කරෙජ්’ නෞකාව වීමයි.
ටොන් 2998 ක සමස්ත පරිමාවක් සහ උපරිම මීටර් 5.5 ක අවම ජල ගැඹුරක් ඇති ‘ගෑස් කරෙජ්’, හම්බන්තොට ජාත්‍යන්තර වරායට යාබදව පිහිටි ලාෆ්ස් ගබඩා පහසුකම් සපයන ටැංකි සමූහයට අයත් එක් නෞකාවකි.
2018 ඔක්තෝම්බර් මාසයේදී, වරාය ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ශේත්‍රයේ පුරෝගාමියෙකු වන ලාෆ්ස් ගෑස් සමඟ හවුල් වී LPG හි ගබඩා හා ප්‍රතිනැව්ගත අවශ්‍යතා සපුරාලීය. LPG ප්‍රතිනැව්ගත කිරීම යනු හම්බන්තොට ජාත්‍යන්තර වරායේ බලශක්ති කේන්ද්‍රයේ කොටසකි.