නවතම පුවත්

සෞදියේ දඬුවමට කසපහර දීම නවතී

අසංක

අසංක

සෞදි අරාබියේ දඬුවමක් ලෙස කසපහර දීම අවසන් කෙරේ.

මේ බව අනාවරණය වන්නේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයෙ ලබාදුන් නඩු තීන්දුවක ප්‍රකාශයක් ලෙසයි.

එම නඩු තීන්දුවට අනුව සෞදි අරාබිය තුළ මින් ඉදිරියට කස පහර දීමේ දඬුවම වෙනුවට දඩ මුදලක් හෝ සිර දඬුවම් හෝ ඒ දෙකම එකවර නියම කෙරෙනු ඇත.

සෞදි අරාබිය තුල දඬුවම් දීමක් ලෙස කස පහර දීම අවසන් කිරීමේ තීරණය සල්මාන් රජුගේ මඟ පෙන්වීම යටතේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සෘජු අධීක්ෂණය යටතේ හඳුන්වා දුන් මානව හිමිකම් ප්‍රතිසංස්කරණවල දිගුවක් වන බව ද නඩු තීන්දුව ඔස්සේ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කර තිබේ.

සෞදි අරාබිය තුළ විවිධ වැරදි ගණනාවකට කස පහර දීම දඬුවමක් ලෙස නියම කෙරේ.

එරට කස පහර දීම සම්බන්ධයෙන් අවසන් වරට ලෝක ප්‍රසිද්ධ පුවත් මැව්වේ 2015 වසරේදීය.

ඒ බ්ලොග් කරුවකු වන රායිෆ් බාදාවි නමැත්තාට ඉස්ලාමයට අපහාස කිරීම හා සයිබර් අපරාධ චෝදනා වලට වරදකරු වීම නිසා ප්‍රසිද්ධියේ කසපහර 1000ක් ලබා දීමේ දඬුවම නියම කළ අවස්ථාවේ දී ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා