කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

Picture of අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මියගිය ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවා ගොස් ඇත . ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 200,430 කි.

පසුගිය දින 15 ඇතුලත කොරෝනා වසංගතය හේතුවෙන් ලක්‍ෂයකට අධික පිරිසක් මියගොස් ඇති බවද වාර්තාවේ.

වැඩිම මරණ ප්‍රමාණයක් මේ වනවිටද වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එම ප්‍රමාණය 52,843 ක් වන අතර ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් රාජධානිය යන රටවල මරණ 20,000 ඉක්මවා තිබේ.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 28 ඉක්මවා ඇති අතර ලක්ෂ 18 ඉක්මවන ආසන්න පිරිසක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටි. ඉන් 58,281 ක් දැඩි අසාධ්‍ය තත්වයේ පසුවේ