තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි හෙට (27) දින ආරම්භ කිරීමට නියමිතව ඇත.
නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්ෂක අංශයේ කිසිවකුටත් කොරොනා වයිරසය ආසාධිත වී නොමැති බව තහවුරු වීමෙන්. අනතුරුව දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවසර ලබාදී ඇත.
නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවිකාවක් ආහාර ලබාගෙන ඇත්තේ කොරොනා වයිරසය ආසාදිත බව තහවුරු වු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවකගෙන් බව හෙළි වීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුව තාවකාලිකව වසා දැමීමට පසුගියදා පියවර ගන්නා ලදී.