නවතම පුවත්

වෛද්‍යවරුන් පවා හාස්කමක් කියූ කොරෝනාවෙන් ගැලවුණු ආදරය

අසංක

අසංක

 

තෝමස් ඒබ්‍රහම් යනු දැනට ඉන්දියාවේ පැතිරුණු නව කොරෝනා ආසාදිතයින් අතරින් සුව වූ වයස්ගතම පුද්ගලයා ය.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඔහු ප්‍රතිකාර සඳහා දකුණු ඉන්දියාවේ කොට්ටයාම්හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

තෝමස්ට දැඩිව දැනුණේ ඔහුගේ අතින්ම හැමදාම බිරිඳට සාදා දෙන කළු කෝපි කෝප්පය දීමටත් දෙදෙනා එක්ව එය රසවිඳීමටත් නොහැකි වීමය.

පසුව දැනගන්නට ලැබුණේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඇයද එම රෝහලටම ඇතුළත් කෙරිණි.

නමුත් අවුරුදු 93ක් වයසැති ඔහු සහ බිරිඳ මරියම්මා (88) 1947 දී විවාහ වූ දා සිට කිසි දිනෙක වෙන් වී නොමැත.

එකම රෝහලේ වුවද ඒකක දෙකක විසීම ඔවුනට දරාගත් නොහැකි බව දැනගත්  වෛද්‍යවරුන් ඔවුන් ඇඳන් දෙකක් සහිත වාට්ටුවකට යොමුකරන ලදී.

ඔවුන් දෙදෙනාම පූර්ණ සුවය ලබා පිටව ගිය අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔවුන්ගේ වයස, හා ඔවුන් සිටි තත්ත්වය මත මෙම සුවවීම ‘හාස්කමක්’ බවයි.

‘මේ වයසේදී අපට සුවය ලැබිය හැකි නම්, අපට තවත් ඉනිම කිහිපයක් එකට ගත කළ හැකිය,’ ඔහු පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි