නවතම පුවත්

ඉදිරි පැය 24 කාලය තුල ගිගුරුම් සහිත වැසි සහ තද සුළං තත්වයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිවේදනය කර ඇත.

එය හෙට (16) දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුළ උතුරට බරව ඊසාන දෙසට හැරී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වැසි ඇතිවන අවස්ථාවල දී ක්ෂණිකව සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හෙයින් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් කරයි.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඔබ ජීවත්වන ප්‍රදේශය ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුය.

විශේෂයෙන්ම ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැලකිල්ලක් දක්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබදව සැලකිලිමත් විය යුතුය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි