නවතම පුවත්

මුස්ලිම් ටී.වී චැනලයක්!

අසංක

අසංක

• නීතිඥ හිසාජ් හිස්බුල්ලාගේ සාකච්ඡා එළියට
• සහරාන්ගෙ අවි පුහුණු ලැබු ළමයි 18 හමුවේ

අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ආන්දෝලනයට ලක්ව සිටින නීතිඥ හිසාජ් හිස්බුල්ලා අවසන් වරට සහභාගි වු හමුවීම් කිහිපය මුස්ලිම් ටී.වී චැනලයක් වෙනුවෙන් පැවැත්වු ඉහළ රහසිගත සාකච්ඡාවන් බව රාජ්‍ය බුද්ධි සේවය හෙළි කරගෙන තිබේ.

ජාතියක් වශයෙන් වෙනම ක්‍රියාත්මක මුස්ලිම් රූපවාහිනි නාලිකාවක් ශ්‍රි ලංකාව තුළ ආරම්භ කිරීම සදහා වු එම සාකච්ඡාවන් කිහිපයේ තොරතුරුද මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවය විසින් හදුනාගෙන ඇති බව ද කළම්බො එක්ස්ප්‍රස්වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මෙයට අමතරව නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් චෝදනා එල්ලවන මිනිස් බෝම්බකරුවකු වු සහරාන් හෂීම්ගේ සබදතා, සහ ඔහු අවි පුහුණුව ලබා දුන්බව කියන ප්‍රශ්න ගත රාජ්‍ය නොවන සංවිධානය යටතේ අවි පුහුණුව ලැබු ළමයින් ගණන 18 ක්බව මේවනවිට රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු හෙළි කරගෙන ඇත.

අදාල තොරතුරු ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ළමයින්ගේ ප්‍රකාශ වීඩියෝ පටිගත සාක්ෂ්‍යලෙස පළමුව ලබාගෙන තිබු අතර, පසුව ඒවා අධිකරණ විනිසුරුවරුන් හමුවේ ප්‍රකාශ ගැනීම දක්වා යොමු වී තිබිණි.

නීතිඥ හිසාජ් හිස්බුල්ලා අත්ංඅඩගුවට ගැනීම නීති විරෝධිබවට අතැම් සංවිධාන මේ වනවිටත් විවිධ එළිදැක්වීම් කර තිබේ. ඒ හා බැදි සංවිධාන සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි ගැන ද රාජ්‍ය බුදධි සේවය දැනටමත් විමර්ශන ආරම්භ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා