බ්‍රසීලයේ කොරෝනා ආසාදිත ගණන සීග්‍රයෙන් ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට බ්‍රසීලයේ වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබේ. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, ඊයේ (16දා) දිනයේ පමණක් එරට මරණ 816ක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රසීලයේ අද (17දා) උදෑසන වනවිට වාර්තා වී තිබූ සමස්ත මරණ සංඛ්‍යාව 15,662 ක් ලෙස වාර්තා විය.

එසේම බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතී. රට තුළ කොරෝනා වෛරස් ආසාදිතයන් 233,511ක් වාර්තා වී ඇති අතර පැය 24 ක කාලය තුළ නව ආසාදිතයන් 15,663ක් වාර්තා වී ඇති බවද  අමාත්‍යාංශය පවසයි.

දත්තවලට අනුව ලොව නව කොරෝනා ආසාදිතයන්ගෙන් පස්වෙන ස්ථානයට වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ බ්‍රසීලයේය. මේ වන විට බ්‍රසීලයේ ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ඉහළ ගොස් තිබේ.