කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුර ආරක්ෂා කළහැකි ප්‍රතිදේහයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.
දින හතරක් ඇතුලත කොරෝනා වෛරසය මිනිස් සිරුරෙන් ඉවත්කර දැමීමට මෙම නව ප්රතිදේශයට හැකියාව ඇති බවද එම ඖෂධ නිෂ්පාදන ආයතනය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මෙම නව නිෂ්පාදනයේ අවසන් පර්යේෂණයන් සිදුකරමින් ඇති බවත් මේ හරහා සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බව විශ්වාස බවත් ඖෂධ නිෂ්පාදන ආයතනයේ ප්‍රධානී වෛද්‍ය හෙන්රි ජී මහතා ෆොක්ස් නිව්ස් පුවත් සේවය වෙත සඳහන් කර ඇත.
මෙම නව ඖෂධය , කොරෝනා වෛරසය වෙලාගෙන එය ශරීරයෙන් ඉවතට ඇද දමනු ඇති බවත් , වෛද්‍ය හෙන්රි ජී මෙහිදී සඳහන් කර ඇත .
කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමට පෙර මෙම නව ප්‍රතිදේහය , කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස එලි දැක්වීමට හැකිවනු ඇති බවද ඔහු පවසා ඇත .