මාතලේ මහනුවරට නුවරඑළිය දිස්ත්‍රීක්ක වලට නාය යෑම් අනතුරු නිකුත් කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදනය අද (18) වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද පස්වරු දෙකට නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය ගඟ වට කෝරළය, ගලගෙදර සහ පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

මේ අතර අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

LS-Early-Warning-18-05-2020-at-1400-hrs