නවතම පුවත්

ඉන්දියාව තව සති දෙකකට ලොක් ඩවුන් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරොනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇත. මාර්තු 24 වන දින සිට ක්‍රියාත්මක කළ අගුලු දැමීම දීර්ඝ කළ සිව්වන අවස්ථාව මෙය වන බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත.

ඉන්දියාවේ බිලියන 1.3ක ජනතාවක් ආවරණය කරමින් මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වන අතර අතර මෙය ලොව විශාලතම අගුලු දැමීම ලෙස වාර්තා වේ

ඉන්දියාවේ ගුවන් ගමන්, දුම්රිය, අධ්‍යාපන ආයතන. මෙට්‍රෝ සේවා, අවන්හල්, බාර්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ වසා තැබෙනු ඇති අතර බොහෝ සීමා කිරීම් තව දුරටත් ක්‍රියාත්මක වේ.

කෙසේවුවද ආපනශාලාවලින් ආහාර බෙදා හැරීමේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදී ඇති අතර ප්‍රෙක්ෂකයින් නොමැතිව ක්‍රීඩා තරඟ පැවැත්වීමට අවසර දී තිබේ.

අගුලු දැමීමු ක්‍රියාත්මක වුවද පුද්ගලික මෝටර් රථ හා බස් රථ නගර හරහා ධාවනය කළ හැකි අතර අවසර තිබෙන අයට ප්‍රාන්ත දේශ සීමා හරහා ගමන් කළ හැකිය.

ස්වයංරැකියා සඳහා අවසර දී ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ද සීමා ලිහිල් කර තිබේ.

කෙසේ වුවද මෙම ලිහිල් කිරීම් බලාත්මක වන්නේ අඩු අවදානම් ප්‍රදේශ වල පමණක් බව ඉන්දීය බලධාරීහු පවසති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි