නවතම පුවත්

මහනාහිමිවරු -අනුනාහිමිවරු හදිසියේ රැස්වෙති

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

 

ජනතාව රවටන බොරු බුදුවරු,ගොවි හිමිවරුන්ට වැඩවරදින ලකුණු

මේ දිනවල රටේ ශාසනික වශයෙන් ඇතිවි තිබෙන අර්බුද කීපයක් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන් මල්වතු මහ විහාරයට ඉකුත් 17දා රැස්වි හදිසි සාකච්ජාවක් පවත්වා ඇතැයි දැනගන්නට ඇත.

මෙහිදි ශාසනික වශයෙන් මේවනවිට මතුවි ඇති ප්‍රශ්න ගණනාවක් මහනාහිමිවරුන්ගේ හා අනුනාහිමිපාණන් වහන්සේලාගේ අවධානයට ලක්ව තිබේ.

පසුගිය දිනවල භික්ෂුන් වහන්සේලා විනය විරෝධි ලෙස හැසුරුණු කාරණා කිපයක්ම මෙහිදි සාකච්ජාවට භාජනය වි තිබේ.

එහිදි භික්ෂුන් වහන්සේලා කුඹුරු කෙටිම,සී සෑම ආදි ක්‍රියා මෙන්ම කුඩා හිමිවරුන් ලවා භක්තිගීත කියවිම සහ බුදු,පසේබුදු ,මහ රහත් කියමින් ඇතැම් භික්ෂුන් සමාජය නොමඟ යවමින් ශාසනය වැනසිමට ගන්නා උත්සහයන් පිළිබඳවද මෙහිදි වි⁣ශේෂ සාකච්ජාවට භාජනයවි තිබේ.අනුනාහිමිවරුන් මල්වතු මහනාහිමිට පෙන්වා දි ඇත්තේ ඉතා ඉක්මනින් මේ අර්බුදවලට විසඳුමක් ගතයතු බවය.

මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමි, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනාහිමි ,දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනුනාහිමි , වේඬරුවෙි ශ්‍රි උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි, ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි ඇතුළු නාහිමිවරුන් මෙම සාකච්ජාවට සහභාගිවි තිබේ.

මේ අනුව තව දින කීපයකින් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහනාහිමිවරුන් සාකච්ජාව කර ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරිමට නියමිත බව මල්වතු අස්ගිරි විහාර ආරංචි මාර්ග පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා