නවතම පුවත්

හරේන්ද්‍ර රණසිංහ – ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු 5කට මේජර් ජෙනරාල් නිලයට උසස්වීම්

අසංක

අසංක

නිලධාරින් 177කට උසස්වීම්
• 4ක් බ්‍රිගේඩියර් නිලයට
• 9ක් ලුතිතන් කර්නල් නිලයට
• 69 මේජර් නිලයට
• 60ක් ලුතිතන් නිලයට
• යුද හමුදාපති ශවේන්ද්‍රගෙන් සුබපැතුම් !

 

එකොළොස්වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපති නිර්දේශය මත සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුගේ නිලය උසස් කර ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ මීළග නිලයට උසස් කර ඇතැයි යුද හමුදාව නිවේදනය කර තිබේ.

මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුළ ලබාදෙන ලද උසස්වීම් විශාලතම සංඛයාව අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය සඳුදා (18) දින සන්ධ්‍යාවේ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 04 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත්, මේජර් නිලයේ සිටි 9 දෙනෙකු ලුතිනන් කර්නල් නිලය දක්වාත්, කපිතන් නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වාත් දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් නිල උසස් කර ඇති අතර යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් සියලුදෙනාට සුබපැතුම් එක්කරන බවද එම නිවේදනයේ සදහන්ය.

මේජර් ජෙනරාල් හා බ්‍රිගේඩියර් නිලයට උසස්වු නිලධාරින්ගේ නාම ලේඛනය මෙසේය.

මේජර් ජෙනරාල් සී.යු. මාරසිංහ ආර්.එස්.පී යු.එස්.පී

මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. එන්ඩියු

මේජර් ජෙනරාල් එච්.පී. රණසිංහ ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්පී. එන්ඩියු

මේජර් ජෙනරාල් ඒ.පී.අයි. ප්‍රනාන්දු ආර්.ඩබ්ලිව්.පී. යු.එස්.පී

මේජර් ජෙනරාල් සී.ඩි. වීරසුරිය ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්පී. එන්ඩියු

බ්‍රිගේඩියර් එස්.එන්. සමරවික්‍රම

බ්‍රිගේඩියර් එච්.එම්.එන්.බි හේරත්

බ්‍රිගේඩියර් එන්.ජි.එස්. තිලකරත්න

බ්‍රිගේඩියර් කේ.එන්. පෙරේරා

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි