නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ට ලංගමෙන් විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක්

අසංක

අසංක

රාජ්‍ය සේවකයන්ට ගමන් පහසුව සැළසීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ කාර්යාල ප‍්‍රවාහන සේවාවක් ආරම්භ කර ඇත.

එම සේවාව මුලින්ම රත්නපුර කැගල්ල හලාවත, හම්බන්තොට, තංගල්ල, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, අලූත්ගම හා කලූතර යන නගර වල සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැළසුම් සකස් කොට ඇත .

මෙම සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන අය ඒ සදහා [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ අයදුම්පතක් එවිය යුතුවේ.

මුලකුරු සමග නම, සේවා ආයතනය, ලිපිනය දුරකථන අංකය, ඊමේල් ලිපිනය, බස් රථයට නගින ස්ථානය, ගමන් කරන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ ද සාමන්‍ය මාර්ගය ඔස්සේ ද යන වග මෙන්ම ගමන් කිරීමට බලාපොරොත්තුවන්නේ සුඛෝපභෝගී බස්රථයක ද සාමාන්‍ය බස්රථයක යන තොරතුරුත් බස් රථයට නැගීමට බලාපොරොත්තු වන ස්ථානයේ ඇති ප‍්‍රසිද්ධ මග සළකුණක් ද සදහන් කොට අත්සන හා දිනය ද සමග අයදුම්පතේ සඳහන් කර එවිය යුතුය

මෙම බස්රථ රාජකාරි ස්ථානය වෙත පෙරවරු 8.30 ට පැමිණීමටත්, රාජකාරි නිමාවන වේලාවේ පිටත් වීමටත් සැළසුම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි