අම්ෆන් ඉන්දියාවට – ලංකාවේ බලපෑම පහව යයි

Picture of අසංක

අසංක

අම්ෆන්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවූ බලපෑම හෙටින් (21) පසු අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී

එම සුළි කුණාටුව අද (20) පස්වරුව වන විට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට හා බංග්ලාදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

ඒ අනුව මේ වන විටත් එම දෙරටේ වෙරළබඩ ප්‍රදේශ වලින් මිලියන ගනනක ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මෙය අවුරුදු 10ක පමණ කාලය තුළ ඇතිවූ ප්‍රබලම සුළි කුණාටුවක් වනු ඇති බවද ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මේ අනුව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටවල් දෙකම පීඩාවට පත්ව සිටින අතර තුර සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල ගැටලුවක් වී ඇතැයි එම නිලධාරීහු පවසති.