ISIS හිටපු නායකයාගේ අනුප්‍රාප්තිකයකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ISIS ත්‍රස්ත සංවිධානයේ ඉහළ පෙළේ නායකයින්ගෙන් එක් අයෙකු වන අබ්දුල් නසාර් කාර්ඩාෂ් ඉරාක බුද්ධි අංශය විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

හිටපු නායක අබු බකර් අල් බග්දාඩිගේ අනුප්‍රාප්තිකයන්ගෙන් කෙනෙකු යැයි කියනු ලබන අබ්දුල් නසාර් කාර්ඩාෂ් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරාකයේ දී ය.

ඉරාකයේ නිල ප්‍රවෘත්ති සේවයක් වන INA වාර්තා කළේ ත්‍රස්තවාදී අබු බකර් අල්-බැග්ඩැඩිගෙන් පසු අපේක්ෂිත අනුප්‍රාප්තිකයකු අත්අඩංගුවට ගන්නා බව ජාතික බුද්ධි සේවය නිවේදනය කළ බවයි.

අත්අඩංගුවට ගැනීම සිදු වූයේ කෙසේද හෝ කවදාද යන්න පැහැදිලි කර නැතත් චූදිත අබ්දුල් නසාර් කාර්ඩාෂ් අත්අඩංගුවට ගැනීමට ජාතික බුද්ධි සේවය සමත් වූ බව ප්‍රකාශ කර ඇත.

සංවිධානය තුළ මොහු ඉහළ තලයක සිට කටයුතු කළ අතර අබු බකර් අල්-බැග්ඩඩි නායකයා විය.