කොරෝනා නිසා අබුඩාබිහි මෙරට තානාපති කාර්‍යාලය වසා දමයි

Picture of අසංක

අසංක

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි
හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

ඒ එහි නිලධාරීන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය වැලදීම හේතුවෙනි.

තානාපති කාර්යාලය වසා තබන කාලය තුළදී [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ 800 119 119 යන දුරකථන අංකය හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි ය.

ගාස්තු රහිත දුරකථන අංක ඔස්සේ දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ඒ වෙත ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවල දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද විය හැකි බව තානාපති කාර්යාලය පවසයි.

එහෙත් පැය විසිහතරක් ඇතුළත නැවත අදාළ පුද්ගලයන් සමග සම්බන්ධ වීමට කටයුතු කරන බව නිවේදනය කෙරේ.

හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ තානාපති කාර්යාලය සම්බන්ධ කිරීමට උත්සාහ කරන මෙන් බලධාරීහු ඉල්ලා සිටිති.