කොළඹ හෝටල් හෙට ඇරේ

Picture of අසංක

අසංක

කොළඹ නගරයේ තරු පහේ හෝටල් ඇතුළු සංචාරක මණ්ඩලයේ අනුමත සියලූ හෝටල් සහ අවන්හල් හෙට (26) සිට විවෘත කිරීමට නියමිත ය.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් එම අවන්හල් සහ හෝටල් නිසි පරිදි පවත්වාගෙන යාමට එලෙස අවසර ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී .

එසේම, විවෘත කළ අදාළ ආයතන සෞඛ්‍යාරක්ෂිත නිසි ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී .

මෙම කොළඹ නගරයේ තරු පංතියේ හෝටල් සංචාරක කර්මාන්තය සදහා ද මේ වන විට විවෘතව ඇත