කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූ රෝගීන්ට, ඉබෝලා වෛරසයට ලබාදුන් ඖෂධ ලබාදීමට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
කොරෝනා වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගත නොහැකිව ඇති බැවින් මෙම තීරණය ගත් බව එරට සෞඛ්‍ය ලේකම් මාට් හැන්කොක් මහතා සඳහන් කර ඇත
මේ අනුව ඉබෝලාවට ලබාදුන් remdesivir නමැති ඖෂධය යොදගෙන මෙම මූලික වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබේ.
මෙම ඔසුව කොවිඩ්-19 රෝගීන් සම්බන්ධයෙන් අත්හදා බැලූ විට එහි යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ හි රෝහල් ගණනාවක සිටින, බරපතළ ලෙස කොවිඩ්-19 රෝගී තත්වයෙන් පෙළෙන වැඩිහිටියන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා remdesivir දැනටමත් ලබා දී තිබේ.