විදෙස් රටවලින් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය මෙරට කොරෝනා පාලනය කිරීමේ වැඩපිළිවෙලට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට මෙරට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත.
ඒ අනුව එම ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කාල පරාසයන් අතර පරතරය වැඩි කිරීමටද අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද පැවසීය .
එසේම මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙනඒමට මේ අවස්තාවේ කටයුතු නොකරන බවද විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසීය.
විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් 35,000ක් පමණ මව්බිමට යළි පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව නමුත් සැබෑ ලෙසම ශ‍්‍රී ලංකාවට පැමිනෙනු ඇත්තේ ඊට වඩා සැලකිය යුතු තරම් අඩු ප‍්‍රමාණයක් බවය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය .