හිටපු මන්ත්‍රී කාවින්ද ගැන සංස්කරණය කළ අසැබි වීඩියෝවක් – හරීන්,මල්ෂා, ඉරාජ්ගෙන් ප්‍රශ්න කරයි

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහස වන ආකාරයේ අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (28) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

එම අසභ්‍ය වීඩියෝව ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනෙක් විසින් පෙනී සිටින එකක් වන නමුත් එය සංස්කරණය කර එහි සිටින්නේ තමා බව සදහන් කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට කාවින්ද ජයවර්ධන මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර තිබේ.

එම වීඩියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කර ඇත.

එහිදී අනාවරණය වූ තොරතුරු මත හිටපු අමාත්‍යය ජීවන් කුමාරතුංග මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කර තිබේ.

මීට අදාළව මල්ෂා කුමාරතුංග මහත්මියගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් විමර්ශනයක්ද සිදුකර ඇත.

හරීන් ප්‍රනාන්දු මහතා කැදවා ඇත්තේ මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් හෙළිවූ තොරතුරුවලට අනුවයි.