පළාත් පාලන ආයතන මගින් අයකරන වරිපනම් බදු වසර දෙකක් යන තුරු ඉහළ නොදැමීමට රජය තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන මගින් වසර 5න් 5ට වරිපනම් බදු තක්සේරුව ඉහළ නංවන බවත් මේ වන විට වසර 10කින් එය ඉහළ නංවා නොමැති නිසා මෙවර කිහිප ගුණයකින් බදු ඉහළනංවන්නට එම ආයතන සැලසුම් කර තිබුණු බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද පැවසීය .
නමුත් කොවිඞ් වසංගතය තත්ත්වය යටතේ එසේ බදු ඉහළ දැමීමෙන් කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම මහජනතාවට වන පීඩාව වැළැක්වීමේ අරමුණින් වරිපනම් බදු ඉහළනැංවීය වසර දෙකක් යන තෙක් අත්හිටුවීමට රජය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.