නව කොරානා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික විරුවන් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 27) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික විරුවන් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 08 දෙනෙකු නාවික මහ රෝහලින්ද, 04 දෙනෙකු හෝමාගම රෝහලින්ද, එක් නාවික විරුවෙක් මුල්ලේරියාව රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික හමුදා විරුවන් 13 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා විරුවන් 357ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික විරුවන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.