දකුණු ආසියාවේ රටවල් කිහිපයකම තවමත් කොවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්තවීමේ අනතුර පහව ගොස් නැති බවත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.
වෛරසයේ උණුසුම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති මෙම රටවල් තවදුරටත් වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගතයුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 ප්‍රතිචාරයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
“මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි , ඕනෑම අවස්ථාවක ඉතා ඉක්මණින් පැතිරෙමින්, මේ වෛරසය ක්‍රියාත්මක වන අකාරය අප දැනටමත් අත්විඳ තිබෙනවායයි කෙර්කොව් පවසා ඇත.