මහමැතිවරණය එකළඟ දින දෙකකදී!

Picture of අසංක

අසංක

මහ මැතිවරණය එක ළඟ දින දෙකකදී පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇත.

මේ හරහා නිරෝධායන නීතිවලට වඩාත් අනුකූලව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ලැබේද යන්න පිළිබඳව මේ වනවිට කොමිසමේ නිලධාරීන් සාකච්ජා කරමින් සිතිඅ බවද වාර්තාවේ.

එසේම දිනයක් තුල න්ද විමසන කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවත් එය දීර්ඝ කරන්නේ පැයකින්ද දෙකකින්ද යන්න බව ඉදිරියේදී තීන්දු කරන බවත් කොමිසමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පැවසීය

මැතිවරණයට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් වහාම ඡන්ද දිනය ප්‍රකාශයට පත් කරන බවත්, සමාජ දුරස්ථභාවය ඇතිව විධිමත් ලෙස ඡන්දය පැවැත්වීම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීරණ ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය